ඉතාලි ගැටුමට ලාංකිකයාත් මැදිවේ


ඉතාලියේ ලෙච්චේ නගරයේ ඩූකා දෙයි අබ්බෘත්සි  මාවතේ ලාංකික කඩ හිමියකු  (27) හා එහි වාසය කරන ඉතාලිජාතිකයෙකු (34 ) අතර බහින්බස්වීමකින් ඉතාලි ජාතිකයා  පිහියකින් ගසා ලාංකික කඩහිමියාගේ වීදුරු දොරක්   බිඳදැමිමෙන් අනතුරුව ලාංකිකයා යකඩයකින් ඉතාලි ජාතිකයාගේ කකුලට පහරදී ඇතැයි ද,  පොලීසිය සිද්ධිය සමථයකට පත් කර තුවාලකරු ගිලන් රථයකට භාර දී ඇතැයි ද දෙදෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි ද පොලිසිය කියයි.