ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට නැව් බඩු ප්‍රවාහනය කරන කන්ටේනර්කරුවන් පිරිසක් සිදු කළ වංචා කිහිපයක් එසැණ මගින් අනාවරණය කිරීමත් සමඟ තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දුරකථන ඇමතුම් ලබා දී තමන්ට සිදු වු වංචා රැසක් ගැන කීහ.
එසේම ඔවුන් කියා සිටියේ කන්ටේනර් බඩු එකතුකරන ඇතැමුන් පලෙර්මෝ,සිසිලි,කටානියා,නාපෝලි,අන්කොනා,පෙසරෝ,මිලානෝ,ත්‍රේවිසෝ,ෆිරෙන්සි, යන නගරයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ රැසක් මෙම කන්ටේනර් වංචාකරුවන්ට හසුවී සිටිති.
පලේර්මෝ නගරයේ දිල්කි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ වෙන්නප්පුවේ පුද්ගලයකු සිසිලි කටානියා පලෙර්මෝ ශ්‍රී ලාංකිකයන්ගේ බඩු භාණ්ඩ එකතු කැර මේ වන විට අතුරුදන්ව ඇති බවයි.රුපියල් ලක්ෂ ගණනක් වටිනා කන්ටේනර් තුනක බඩු අයිතිකරුවන්ට නොදී දුරකථනපවා ක්‍රියා විරහිත කැර එම පුද්ගලයා මාස හයකට අධික කාලයක් ආගිය අතක් නැති බව ඇය කියන්නීය.
මිලානෝ නගරයේ සජිත් ජයසේකර මෙසේ කියයි. මෙයට මාස අටකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා ඔහුගේ බිරිය මිලානෝ ඇවිත් ආපසු යන විට යුරෝ දහසකට ආසන්න මුදලකට බඩු වගයක් ගෙන ඒවා අරගෙන ඒවා දාන්න මට බාර දුන්නා .කන්ටේනර් බඩු ලංකාවට යවන අම්බලන්ගොඩ පුද්ගලයකුට මම ඒවා බාර දුන්නනේ. දැන්මාස අටක් වෙනවා බඩු වලට සිදු වු දෙයක් නෑ. මම ඇතුළු මිලානෝ තවත් බොහෝ දෙනකුට ඔහු පොලු තියලා.