ඉඩෝරය දිගාමඩුල්ලටත් පනී


ඉඟිණියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක ජල මට්ටම පහළ බැසීම නිසා ඉදිරියේ දී ජල අර්බුදයකට අම්පාර දිස්ත්‍රික්කය පත්වීමට ඉඩ ඇති බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පවසයි.

ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 89960 දක්වා පහළ බැස තිබේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 777000කි. නාමල් ඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 42750ක් වුවත් දැනට ඇත්තේ අක්කර අඩි 9785කි. පන්නල්ගම ජල ධාරිතාවය අක්කර අඩි 27600කි. දැනට ඇත්තේ අක්කර අඩි 6036කි. අම්බලන්ඔයේ ජල ධාරිතාවය අක්කර අඩි 35950කි. දැනට ජලය ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8526කි. එක්ගල්ඔය ජල මට්ටම අක්කර අඩි 22500 කි. දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 6410කි. පල්ලන්ඔය ජල මට්ටම අක්කර අඩි 93000කි.

01

(ජයන්ති වැව)

02

(ඉඟිනියාගල)

03

(පන්නල්ගම)

04

(නාමල්ඔය)

05

(අම්බලන්ඔය)

06

(එක්ගල්ඔය)