ඉංජිනේරු සභා පනත ඉක්මනින්


ඉංජිනේරු සභා පනත ඉක්මනින් සම්මත කර දේශිය ඉංජිනේරුවන් ශක්තිමත් කිරීමට කැප වන බව 2015 ජාතික ඉංජිනේරු සමුළුවේ සමාරම්භක උත්සවය පැවැති  කොළඹ ගලධාරී හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   අද (02) පැවසීය.

අතීතයේ මෙරට ඉංජිනේරු තාක්ෂණය ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවු බවත් වත්මන් ඉංජිනේරු තාක්ෂණය ඒ අයුරින්ම සංවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා  කීවේය.

ජාතික ඉංජිනේරු සංස්ථාව විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක්ද පිළිගැන්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  පී දයාරත්න ,ගිතාංජන ගුණවර්ධන යන මහත්වරු ද ජාතික ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු එස් බී විජේකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් ද අවස්ථාවට  එක්ව සිටියහ.

_DSC0110 _DSC0077

 

_DSC0016 _DSC0027 _DSC0031