ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය සිද්ධියට සම්බන්ධව පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ හිස කෙස් ජිප් රථයේ තැවරී තිබූ බවට තහවුරු වී ඇත.

