ඇසිදිසි ක‍්‍රිකට් කුසලාන මුද්‍රණ නීතිගත සංස්ථාවට
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය පස්වැනි වරටත් සංවිධානය කළ ‘ඇසි දිසි’ ක‍්‍රිකට් තරගාවලියේ (2012) ශූරතාව සිවුවැනි වරටත් දිනා ගැනීමට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සමත්විය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අනුශූරතාව ලැබීය.
තරගාවලිය දිවයිනේ රාජ්‍ය හා පුද්ගලික විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 37 ක සහභාගිත්වයෙන් ඉකුත්දා නාරහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණ.
අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්වාධීන රූපවාහිනී පිල ඕවර අටකදී කඩුලූ 6 ක් දැවී ලකුණු 63 ක් ලබා ගත්තේය. මුද්‍රණ නීතිගත සංස්ථා පිල ඕවර 2.4 කදී කිසිවකු නොදැවී ජයග‍්‍රාහී ලකුණු සංඛ්‍යාව සපුරා ගත්තේය.
ජයග‍්‍රාහී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පිලේ සංජීව කරුණාරත්න තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්‍ෂතම පිතිකරුවා සහ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන හතරක් හිමිකර ගැනීම කැපී පෙනේ. මනෝජ් බන්නැහැකගේ නායකත්වයෙන් යුත් මුද්‍රණ නීතිගත සංස්ථා පිලේ කළමනාකරු ලෙස එල්. ජී. හේවාවිතාරණ මහතා කටයුතු කළේය.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ තරිදු චානක, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය.
කණ්ඩායම් හයක් අතර පැවැති කාන්තා තරගාවලියේ ශූරතාව ගුවන් විදුලි සංස්ථාව දිනාගත් අතර රූපවාහිනී සංස්ථාවට එහි අනුශූරතාව හිමිවිය.
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.

