
(ඩයනා උදයංගනී)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දුම්රියවලින් මහනුවර බලා ගමන් කිරීමට අතිවිශාල ජනකායක් පැමිණීම හේතුවෙන් එම දුම්රියවල දැඩි තදබදයක් පැවතිණි.
පෙරහැර මංගල්‍යය හේතුවෙන් මහනුවර දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර එම දුම්රියන් ජනතාවගෙන් පිරී ඉතිරී ගමන් ඇරඹිණි.
මේ හේතුවෙන් අතරමැදි දුම්රිය ස්ථානවලින් එම දුම්රියන්ට ගොඩවීමට පවා මගීන්ට නොහැකි වූ අතර ඇතැමුන් දුම්රිය පා පුවරුවේ හා වහලය මතද නැගී අවදානම් ලෙස ගමන් කරනු ද දක්නට ලැබිණි.
මහනුවර බලා දුම්රියේ ගමන් කිරීම සඳහා ටිකට් ලබාගැනීමට දුම්රිය ස්ථානවල දිගු පෝලිම් ද පැවතිණි.
(ඡායාරූප: හිමත් මතීෂ)



