පාසල් 250ක පමණ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවත්වන ඇසළ මහා පෙරහර මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටිය මහානාම විද්‍යාලයය ඉදිරිපිටින් ආරම්භ විය.
ඒ සඳහා සිසුහු 15000කට අධික පිරිසක් සහභාගී වෙති.
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහත්වරු ආරාධිතයෝ වූහ.
සංස්කෘතික අංගයක් ලෙස පෙරහරක් පැවැත්වීම හොඳ වැඩක් බවත්, බොහෝ පාසල්වල පාසල් මට්ටමින් එවැනි පෙරහර පවත්වන බවත්, මෙතරම් සිසුන් පිරිසක් කොළඹට ගෙන්වා සිසුන් පීඩාවට පත් වන අයුරින් පෙරහරවල් පැවැත්වීම ගැන තම ගුරු සංගමය එකඟ නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මේ දිනවල වාර විභාගය පැවැත්වෙද්දී ඔවන් කොළඹට ගෙන්වා ඇති බවත්, වැස්ස නිසා සිසුන් පීඩාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා කිවේය.
මේ පෙරහරට වැස්සෙන් බාධා ඇති විය.
(ඡායාරූප සුරංජිත් පෙරේරා)