( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පෙත්සමක් ගොනු කළ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික නැව් කපිතාන් අද (1) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී රෝගාතුරවීම නිසා රෝහල් ගත කිරීමට උපරිමාධිකරණ ආරක්ෂක අංශ නිලධාරිවරු පියවර ගත්හ.
මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ යුක්රේන ජාතික නැව් කපිතාන්වරයෙකු වන ගෙනඩි ගැබ්රියල් නැමැත්තෙකි.
ඔහු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතා ප‍්‍රධාන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට ගැනිණි.
එම නඩුව ලබන මාර්තු 12 වැනි දාට කල් තබමින් අවසන් කිරීමෙන් පසුව පෙත්සම්කාර යුක්රේන ජාතික කපිතාන්වරයා පිටතට පැමිණෙද්දීම මෙලෙස රෝගාතුර වී ඇත.

