ඇලෝසියස් විදුහල්පතිට වාරණයක්


ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට තවත් ආදී ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගැනීම වළක්වමින් ගාල්ල  අතිරේක දිසා විනිසුරු සිවන්ත මංචනායක මහතා අද (23) අතුරුවාරණයක්  නියෝග ක‍ළේය.

විදුහල්පති ඩී පී එල් ගුණසේකර මහතා වග උත්තකරු කරමින්  විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති සම්පත් කුකුලේවිතාන හා  ලේකම් පී එල් දේශප්‍රිය මහත්වරු පෙත්සම ඉදිරිපත් කළහ.

ඔවුන් කියා සිටියේ දැනට සාමාජිකයින්  2400 කට වැඩි පිරිසක් සංගමයේ සිටින බවයි.සැප්තැම්බර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විදුහල්පතිට නියෝග කැරිණි.