ඇල්ලේදී ගසක හැපී ප්‍රා:මන්ත්‍රී මරුට


ගල්ගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී බී ඒ තිලකරත්න මහතා (56) (එජනිස)  ගමන් ගත්  වෑන් රිය  අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඇල්ලේදී  පාරෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මන්ත්‍රීවරයා මියගොස්  ඔහුගේ මව හා  තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි මහව පොලීසිය කියයි.

රිය පදවාගෙන ගොස් ඇත්තේ මන්ත්‍රීවරයාය.

මන්ත්‍රිවරයා ගල්ගමුවේ සිට කුරුණෑගලට යද්දී මෙම අනතුර සිදු වී ඇත.