ඇඹිලිපිටියෙත් ඉඩම් හිගයක්


ඇඹිලිපිටිය නගරයේ රජයේ කාර්යාල හෝ ආයතන පිහිටුවීම සදහා  ඉඩම් නොමැතිවීම ගැටලූවකැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගංගා නිම්නභූමි සංවර්ධන මණ්ඩලය යටතේ සංවර්ධනය වු ඇඹිලිපිටිය සහ ඒ අවට ප‍්‍රදේශය පසුව මහවැලි අධිකාරිය යටතට පැවරිණි. ප‍්‍රදේශයේ බොහෝ ඉඩම් මහවැලි අධිකාරිය යටතේ පාලනය කැරේ. ඇඹිලිපිටිය ප‍්‍රදේශය මහවැලි අධිකාරියේ වලව විශේෂ බළප‍්‍රදේශය ලෙස නම්කර ඇත.