ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක්


ඇඹිලිපිටියේ වසා දමා ඇති කඩදාසි කම්හලේ ගොඩනැගිල්ලක ගින්නට හටගත් බවට ලැබුණු තොරතුරකට අනුව පිරිසක් එහි යැවූ බව පොලිසිය කියයි.

ඕස්ට්‍රේලියාවේ සමාගමකට බදු දී තිබූ මේ කම්හලේ උපකරණ එම සමාගම විසින් බැහැර කිරීමෙන් පසු සේවකයන්ට රැකියාව අහිමි වී කම්හල පාළුවට ගියේය.

ඉන් පසු ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් එහි ඉඩම් බලෙන් අල්ලාගෙන ඇත.