
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමෙරිකාවේ මානුෂීය ආධාර සපයන සංවිධාන සමග එක්වී ජූලි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.6)කට ආසන්න වටිනා කමින් යුත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය කාණ්ඩ 4කින් ශ්‍රී ලංකාවට ලබා දීමට සැලසුම් කර තිබූ බවත් ඉන් කාණ්ඩ තුනක් දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී ඇති බවත් 4 වෙනි කාණ්ඩය අද (02) ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.
හාර්ට් ටු හාර්ට් ,හෝප් සහ ඇමෙරිකෙයාර්ස් සංවිධාන මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

