ඇමෙරිකා පොලිසිය ලෙඩ දරුවකුගේ ආසාව ඉටු කරයි


මොළේ පිලිකාවක් හේතුවෙන් දෑස් අඳ දරුවකුගේ බලවත් ආශාවක් ඉටු කර දීමට  ඇමරිකාවේ වොෂින්ටන් නුවර අසල පොලීසියක්  ක‍්‍රියා කෙළේය. හැන්කොක් ස්ටීවන්හට (13)  මිතුරන්ද නොමැත.   පාසල් ඇරි නිවසට පැමිණි වෙලේ පටන් තම ඵකම ආශාව වන පොලිස් නිළධාරියෙකූ වීම පිලිබඳව ඔහු තම මවත් පියත් සමග නිතර නිතර කතා කරයි. රෝගි දරුවාගේ නොනිමි ආශාව කන වැටුණු  ස්වෙචිඡා සංවිධානයක් ඵම නගරයේ පොලිස් ප‍්‍රධානින් සමග සාකච්ඡා කෙළේය. හනි හනිකට ඔහුට සරිලන පොලිස් නිල ඇඳුමක් සුදානමි කළ පොලිස් ප්‍රධානත්වයෙන්  රෝගි දරුවාගේ  ආශාව ඉටු කළහ. පොලිස් මුලස්ථානයට ගිය දරුවා පලපුරුදු පොලිස් නිළධාරින් පිරිසක් මැද ආධුනිකයෙක් විය.  ඔවුන් පැය 12කටත් වැඩි කාලයක් ගත කරමින් පොලිස් රාජකාරිය පිලිබඳව කුඩා දරුවාට කියාදුන්හ. තම ජිවීතයේ තිබු ඵකම ආශාව ඉටු කරගත් දරුවා ගෙදර පැමිණ මහත් සතූටීන් කල් ගෙවයි.