(අජන්ත කුමාර අගලකඩ)
ඇමතිවරුන්ගේ විෂය පථයන් සහ ඊට අයත් ආයතන ඉදිරි දින දෙක ඇතුළත ගැසට් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එම විෂය පථයන් සහ ආයතන ලැයිස්තුගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ඇමතිවරුන්ගේ විෂය පථයන් සහ ආයතන ගැසට් කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් සහ ආයතනද ගැසට් කෙරෙනු ඇතැයි වාර්ථා වේ.

