ඇමැති ස්වාමිනාදන්ට එරෙහිව මන්ත්‍රී සුමන්තිරන්ගෙන් පෙත්සමක්


තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  
 
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යාපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ  එම් ඒ සුමන්තිරන් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
 
බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා , ලක්සම්බර්ග් හි ආසලර් මිත්තල් කන්ස්ට්‍රක්ෂන් ෆ්‍රාන්ස් නැමැති ඉදිකිරීම් සමාගම සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
 
මෙවැනි නිවාස සෑදීමේදී වැයවෙන වියදම ,නාස්තිය ,එහි ඇති අඩුපාඩුකම් එම ප්‍රදේශවල සිවිල් නියෝජිත සහ ප්‍රජාව විසින් පෙන්වා දෙනු ලැබූ බවත් ,ඒ පිළිබඳව තමන් පාර්ලිමේන්තුව ද  දැනුම්වත් කළ   බවත්   සුමන්තිරන් මහතා පෙත්සමේ සඳහන් කර තිබේ.
 
පෙත්සම්කාර මන්ත්‍රීවරයා කියනුයේ මෙම ව්‍යාපෘතියට යන වියදමින් ගඩොල් සහ සිමෙන්ති  යොදාගනිමින් සාදන නිවාස    මීට වඩා වැඩි ප්‍රමාණයක් සෑදිය හැකි බවයි