ඇමැති සහෝදරයා රිමාන්ඩ්
මනම්පිටිය ජල ගැනීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වනජීවි කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළ වලට හානි සිදුකර වටිනා පිලි ලේඛන ඇතුලත් යකඩ අල්මාරි ආදියට ගිනිතබා හානි සිදු කිරීම සහ වනජීවි නිලධාරීන්ට පහරදී මැර තර්ජනය කලැයි ප්‍රධාන සැකකරුවකු වන පොළොන්නරුව ලඬ උයනේ පදිංචි පල්ලෙවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත හෙවත් වැලිරාජු මේ මස 30 දා තෙක් රිමාන්ඩ් කරන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.ඔහු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරියෙකි
පසුගිය 5 වැනිදා රාත්‍රී ඔහු ඇතුළු කණ්ඩායමක් වනජීවි කාර්යාලටය ඇතුළුවී එහි දේපොළවලට ගිනිතබා හානි කිරීම සහ මහවැලි ගෙඟ් නීති විරෝධී ලෙස වැලි ගොඩදැමීම පිළිබඳ වැටලීමක් කිරීමට ගිය වනජීවි නිලධාරීන්ට පහරදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මොහු අවශ්‍යව සිටිබව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

