රතුපස්වල ළිං වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ කළමනාකාරීත්වය සමග කතා කරීමෙන් පසු කම්හල බදාද උදේ 10.00 වන තෙක් වසා දැමීමට තීරණය කළ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
බදාදා උදේ උදේ 10.00ට අධිකරණ නියෝගයක් ගන්නා තෙන් එලෙස වසා දමන බවත්, එහි සේවයක් ඉවත් කරන බවත් ඇමැති මර්වින් කියයි.
කම්හල වසා දැමීමට තමා කටයුතු කළ බවත්, හෙට උදේ දහය වන තෙක් විරෝධතාවය නවතා දමන ලෙසත් ඇමැතිවරයා කීවේය.
ඊට එකඟ නොවූ උද්ඝෝෂකයෝ තමන් බදාදා 10 වන තුරු කර්මාන්ත ශාලාව ඉදිරිපිටින නොයන බව කීහ.
‘මා ගැන විශ්වාසයක් නැතිදැයි‘ ඇසූ මර්වින් සිල්වා මහතා පොලිසිය එම ස්ථානයේ සිටිතියි කියමින් පිටව ගියේය.