ඇමරිකා ඉරාන දින 60ක එකඟතාවක්


දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්‍යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, දින 60 ක ඒකාබද්ධ මාර්ග සිතියමකට එකඟ වීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය පියවර ගෙන ඇත.

ස්විට්සර්ලන්තයේ පැවැති විශේෂ සාකච්ඡා වටයකින් අනතුරුව දෙරටම මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පකිස්ථානය සහ කටාර් රාජ්‍යය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.