ඇමති ඩිලාන් අමරවීර ළඟ වැඳවැටෙන්න සූදානම්


(පාලිත ආරියවංශ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ඡාතික පක්ෂයට වාසි වෙන ආකාරයේ වචන පාවිච්චි කිරිම නවත්වා ගැනිම සදහා කුමක් හෝ කරන්නැයි ශ්‍රීලනීප මහ ලේකම් මහින්ද අමරවිර මහතාගෙන් දොහොත් මුදුන් දී වැද වැටෙමින් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මෙලෙස ඉල්ලා සිටියේ බදුල්ල තැපැල් සංකීර්ණ  ශ්‍රවණාගාරයේදී (20) පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල  දිස්ත්‍රික් ක්‍රියාකාරින්ගේ සමුළුව අමතමිනි.

“ලේකම්තුමනි වැඳලා කියන්නම් ඔබතුමා මහ ලේකම් නිසා මම මේවා  කියන්නේ.මහ කේලම්ලාට කියන්න යන්නේ නැහැ.මහ ලේකම්ට කියන්නේ ඒක මම කියන්නම ඕන.කවුරු තරහා උනත්  කියන්න ඕන.මම වැඩිය කතා කරන්න යන්නේ නෑ.මම කතා කරන්න කතා කරන්න වෙන්නේ මට විනය පරික්ෂණ ලැයිස්තුවේ චෝදනා  වැඩි වෙන එක යි.“

“චන්ද්‍රිකා කුමාරතුංග නෝනා පක්ෂයට ලියුමක් එවලා තියනවා චොදනා 17 ක් දාලා.එක්සත් ඡාතික පක්ෂයේ තෙවරප්පෙරුම මහත්තයා කියනවා ඩිලාන් පෙරේරාට ගහන්න ඕන ඉලපතකින් කියලා.එතකොට චන්ද්‍රිකා නෝනාටත් මාව ඒපා යු.එන්.පි එකටත් මාව තිත්තයි.
“මේ දවස්වල දුමින්ද මහත්තයත් වැඩිය කතා කරන්නේ නැහැ වගේ .ඔබතුමාත් ඉස්සර වගේ යාලු නැහැ දැන්.දැක්කත් අහක බලාගෙන වගේ යන්නේ.මට දැන් පිහිටට ඉන්නේ නිමල් සිරිපාල මහත්තයයි චාමර මහත්තයයි විතරයි.ලක්ෂ්මන් මහත්තයත් ඒ තරම් මේ දවස්වල වැඩිය බලන්නේ එහෙම නැහැ. ඒ නිසා මම දිර්ඝව කතා කලොත් වෙන්නේ තව තව මේක වැඩි වෙලා නිමල් සිරිපාල ඇමතිතුමාට මම වෙනුවෙන් සල්ලි නැතුව පෙරකදොරු වැඩේ කරන්න වෙනවා පක්ෂයේ නායක තුමා ළඟ “

“මම කතා කරන්න නැගිටලා එනකොට මම දැක්කා මහින්ද අමරවීර ඇමතිතුමාගේ මුහුණ ඇඹුල් වෙනවා. එතුමා කැමති නැහැ මම එතුමා ඉන්න වේදිකා වල කතා පවත්වනවට. එතුමා බයයි. මගේ කටින් මොනා හරි එහාට මෙහාට කැපෙන එකක් විසි වෙයි කියලා. නිමල් සිරිපාල ඇමතිතුමා කිව්වා අපිට ඒක එක සිහින තියෙනවා කියලා. අගමැති සිහින ,ඡනාධිපති සිහින ,ඇමති සිහින.  “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.