ඇමති අතාවුදගේ මාධ්‍ය ලේකම් රිමාන්ඩ්


ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් හෙට්ටිආරච්චිගේ උපාලි ගුණරත්නට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු තුනක් පැවරූ කොල්ලුපිටිය පොලීසිය පැවසූවේ රැකියා දෙන බවට මුදල් ගෙන වංචා කළ සිද්ධි රැසක් ගැන පැමිණිලි ලැබී ඇති බවයි. පශු සම්පත් මණ්ඩලයේද, ලංකා බැංකුවේද, පිටරටද රැකියා දෙන බව කියමින් තිදෙනෙකුගෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් වංචා කළැයි අද නඩු තුනත් පැවරිණි. ඔහුට ඇප ඉල්ලූ විට මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න පැවසුවේ වංචා කළ මුදල් ගෙවන්නේ නම් ඇප දීම සැලකා බැලිය හැකි බවයි. ලබන 18 වැනිදා තෙක් ඔහු රිමාන් කැරිණි.