ඇප ලැබුණත් වාස් රිමාන්ඩ්


බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන කරන රහස් පොලිස් නිලධරයනට බැන තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත  මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

විමර්ශන නිලධාරීන්ට හෝ සාක්කිකරුවනට බලපෑම් කළහොත් නැවත ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බව ද මහේස්ත්‍රාත් පැවසීය.

මොහොමඩ් සියාම් ඝාතනය කළැයි ද, සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීයැයි  ද කියන නඩු දෙකක් සම්බන්ධයෙන් ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.