ඇන්ටිජන් කට්ටල තොගයක් දකුණු කොරියාවේ සිට කටුනායකට


( ටී.කේ.ජී.කපිල )
 
                 

දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇන්ටිජන් කට්ටල 30,000 ක් අද (11) සවස ශ්‍රීලකන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
 
             

මෙම පරීක්ෂණ කට්ටල විශාල පැලට් ඇසුරුම් 11 ක අසුරා දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .