ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර අමේරි හිම තට්ටුවෙන් දැවැන්ත හිම කුට්ටියක් කැඩී වෙන්වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ටැබුලා හෙවත් D - 28 ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය හිම තට්ටුවෙන් වෙන්වී ඇත්තේ පසුගිය 26 වැනිදා ය.
ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් කාර්යාංශය පවසන්නේ වෙන්වුණු අයිස් කුට්ටිය වර්ග සැතපුම් 1636ක් පමණ විශාලත්වයෙන් යුතු වන බවයි.
අමේරි හිම තට්ටුවෙන් මෙවන් විශාල අයිස් කුට්ටියක් බිදී ගියේ වසර 55කට පසුව බවද ඔවුහු පවසති.
වසර විස්සක පමණ සිට ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටි බවද වර්ෂ 2000දී පමණ පැල්මක් ඇතිවූ බවද ඔවුහු සඳහන් කරති.
කෙසේවුවද විද්‍යාඥයින් සඳහන් කරන්නේ මෙය ස්වාභාවික සංසිද්ධියක් බවයි. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙය සිදුනොවූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
ඇන්ටාක්ටිකාවේ පවතින හිම තට්ටු අතරින් අමේරි තෙවෙනියට විශාලම හිම තට්ටුව වේ.
(ද ගාඩියන් ඇසුරිණි - 085)

