දෙහිවල සත්වඋද්‍යානයේ ඊයේ රාත්‍රියේ ඇනකොන්ඩා මවක පැටවුන් 31ක් බිහිකළාය. ලංකාවේදී ඇනකොන්ඩාවුන් බිහි වූ තුන් වැනි වතාව මෙයයි.
මෙලෙස බිහිවන ඇනකොන්ඩා පැටවුන් සඳහා විදේශ සත්වෝද්‍යානවල ඉහළ ඉල්ලුමක් ඇති අතර මීට පෙර උපන් පැටවුන් මේ වනවිට ඉන්දියාවේ සහ පකිස්තානයේ සත්වෝද්‍යානවලට සත්ව හුවමාරු වැඩසටහන් යටතේ ලබා දී ඇත.
(ඡායාරූප සිරි මහබෙල්ලන)