ඇදුරුවරු අම්බලන්ගොඩින් පිටත්වෙති


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද උදේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් සිය දෙවැනි දින පා ගමන ඇරැඹීය. පෙරදින රාත්‍රිය කළුවඩුමුල්ල සිරි විජයාරාමයේ ගත කළ ආචාර්යවරුන් අද ගමන ඇරැඹූයේ බ්‍රාහ්මණවත්තේ විමලවංශ හිමියන් ඇතුළු සංඝරත්නයේ සෙත් පිරිත් දේශනයෙන් පසුවය. එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක, ලයනල් ඉපලවත්ත, හිටපු යුද හමුදාපති සරත් නේසේකා, ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත, බිමල් රත්නායක මහත්වරු ද ගමනට එක්වූහ.