ඇතුගලට පරණ රස්සාවට යන්න හිතිලා


 වැලිවේරිය රතුපස්වල සිද්ධියේ දි  මාධ්‍යවේදීන්ට  පහරදීම ගැන  එම මාධ්‍යවේදියාද  ඔහු අයත්  මාධ්‍ය ආයතනද  වගකිම භාරගත යුතු බවද එම සිද්ධිය ගැන  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වගකිම බාරගත නොහැකි බවද  රජයේ ප්‍රවෘත්ති  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ආරියරත්න ඇතුගල මහතා  මාතලේදී පැවසීය.

මෙවැනි ප්‍රහාරවලින්  දිගින් දිගටම මාධ්‍යවේදීන්  අපහසුතාවන් වලට ලක්වෙද්දී  ඔවුන් අසරණ වෙනවා නේදැයි මාධ්‍යවේදීයකු ප්‍රශ්නයක් නැගීය.

 එයට පිළිතුරු දුන්  ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියා සිටියේ  තමන්ද නිලධාරියකු ලෙස අසරණ වන බවයි.ඇතැම්විට තමන්ට විශ්ව විද්‍යාල සේවයට යාමට සිත් පහළ වි ඇතැයි ද හේ පැවසීය.

මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලයයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කියා සිටියේ  රතුපස්වල සිද්ධියෙන් තමාද දැඩිසේ කම්පාවට පත් වු බවයි.