ඇතුගල ලෙඩේ ගාල්ලටත් යයි


කුරුණෑගල රෝහලේ හෙද වැඩ වර්ජනයට සහාය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ අද දහවල්   වැඩ වර්ජනයක් ඇරැඹූහ.

හදිසි ප්‍රතිකාර හා ළමා ප්‍රතිකාර හැර රෝහලේ සෙසු කටයුතු අඩාල වී ඇතැයි රෝහල් ආරංචි කියයි.

කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ එක් වෘත්තීය සමිතියක් පමණක් වැඩ වර්ජනය කරන බවයි.

රෝහලේ කටයුතු අඩාළ වී නැතැයි ද සේනානායක මහතා පවසයි.