ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් පෙර පැලට ගිහින්


පෙම්වතුන් බව කියන  අවුරුදු 16 ක සිසුවකු හා 15 ක සිසුවියක  රැයක් නිරාහාරව කුඹුරක පැලක සිටියදී සොයා ගත් බලන්ගොඩ පොලීසිය ඒ දෙදෙනාම  උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව සිසුවා ළමා නිවාසයක රඳවා තබන ලෙස මහෙස්ත්‍රාත් ලලිත් කන්නගර මහතා නියෝග කළේය.

දැරිය පිළිබද පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරන්නැයිද  මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

එකට පාසල් ගොස් ඇති මේ දෙදෙනා  අමතර පන්තියකට යන බව කියමින් පැලට යාමට ඇතැයි කියති.අම්මා තාත්තා නොමැති දැරිය සොහොයුරිකගේ නිවසේ නතර වී පාසල් ගිය බවද  පොලීසියට වාර්තා වී ඇත.

මේ දෙදෙනා මීට පෙරද සබඳකම් පැවැත්වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

බලංගොඩ වැඩ බලන පොලිස් පරීක්ෂක  සනත් කුමාර,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති ෂෙල්ටන් උඩුවක හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ආර් පී රාජපක්ෂ මහත්මිය පරීක්ෂ පවත්වති.

මේ අතර   මෙම සිද්ධියට සම්බන්ධයක් නැති සමනළ වැවැ මාරතැනන්නේ බාලවයස්කරුවන් වැඩි වශයෙන් අපයෝජනයට ලක්වන බව පෙනෙතියි එහි කාන්තා කාර්යාංශය පවසයි.