(බිඟුන් මේනක ගමගේ)
අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු හා හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(8) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව ආහාර ද්‍රව්‍ය 6ක් මත පනවා තිබූ බදු අඩුකර ඇත. හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයකට පැවැති රුපියල් 11ක් වූ බද්ද රුපියල් 10කින් ද, අර්තාපල් හා ලොකු ලූනු සඳහා රුපියල් 40ක්ව පැවැති බද්ද රුපියල් 39කින් ද පරිප්පු සඳහා බද්ද රුපියල් 9කින් ද අඩුකර ඇත.
මීට අමතරව පරිප්පු (පියළි කළ), කරවල, ශුද්ධ නොකළ පාම් තෙල්, එළවළු තෙල්, පොල් තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ) යන ද්‍රව්‍යන්හි බදු අඩුකරනු ලැබ තිබේ.
අයිතමය නව බද්ද කිලෝග්‍රෑමයට රුපියල්
හාල්මැස්සන් 1
අර්තාපල් 1
ලොකු ලූනු 1
පරිප්පු - සම්පූර්ණ 1
පරිප්පු - පියළි කළ 3
කරවල 52
ශුද්ධ නොකළ පාම් තෙල්/අනෙකුත් එළවළු තෙල් 95
පාම් ඔලේන් 100
පාම් ස්ටියරින් 95
ශුද්ධ කළ පාම් තෙල් 110
ශුද්ධ කළ අනෙකුත් එළවළු තෙල් 105
ශුද්ධ නොකළ පාම් කර්නල් තෙල් 105
ශුද්ධ කළ පාම් කර්නල් තෙල් 110
පොල් තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ) 105

