ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී ශෂිකට රන් පදක්කමක්


මියන්මාරයේදී දැන් පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 50 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ශෂික ඒකනායක අද (8) සමත්විය. ශෂික තරගයේදී ස්නැච් ක‍්‍රමයෙන් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයෙන් රිදී පදක්කම් දෙක්ක ද, එකතුව කිලෝග‍්‍රෑම් 200 ක් ඔසවමින් රන් පදක්කම ද දිනා ගත්තේය. ශෂික, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක‍්‍රීඩකයෙකි.