ආවා හි කොකුවිල් නායකයා අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

යාපනය  ආවා කණ්ඩායමේ කොකුවිල් නායකයා අද (15) කොකුවිල් හි දී  විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට  ගෙන ඇත.

රවින්ද්‍රන් තරුෂන් (19) නැමැති මෙම සැකකරු  පසුගියදා කෝපායි ප්‍රදේශයේ  පොලිස් නිළධාරින් දෙදෙනාට ප්‍රහාර එල්ල කිරිමට සම්බන්ධ බවද විශේෂ කාර්ය බලකාය කියයි.