ආවා සැකකරුවෝ රිමාන්ඩ්


ඉන්දිකා රාමනායක

කෝපායි හි පොලිස්  කොස්තාපල්වරුන් දෙදෙනකුට   තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ නායක ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 22 වැනි දා  දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට යාපනය වැඩ බලන මහේස්ත්‍රාත් වී ටී සිවලිංගම් මහතා අද (9)  නියෝග කළේය.

එදිනට මොවුන්  හදුනා ගැනීමේ පෙරට්ටුවක් ට ඉදිරිපත් කිරීමට  ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයට ඉදිරිපත් නොවීය.