(ඉන්දිකා රාමනායක)
‘ආවා කල්ලිය‘ අපරාධ සදහා භාවිතා කළ බව කියන යතුරු පැදියක් කොකුවිල් ප‍්‍රදේශයේ පාලු වත්තක සඟවා තිබියදී යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
හිමිකරුවකු නොමැති සැකකටයුතු යතුරු පැදියක් කොකුවිල් ප‍්‍රදේශයේ වත්තක මසකට වැඩි කාලයක සිට සඟවා ඇති බවට විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරු මත මෙම යතුරු පැදිය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අපරාධ කිරීම සඳහා මෙම යතුරු පැදිය භාවිත කර පසුව මෙම ස්ථානයේ සඟවා තබන බවට තොරතුරු හෙළි වු බව කියැවේ.

