ආරාධනා ගලට නැග්ග ප්‍රංශ ජාතිකයන්ගේ පාවහන් උස්සලා


(උපුල් හේරත්)

මිහින්තලේ සංචාරයක් සදහා පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයන්  පිරිසක් ආරාධනා ගල නැරඹීමට ගිය අතරතුරු කඳු පා මුල ආරක්ෂක කුටියේ දමා ගිය 90,000ක් පමණ වටිනා පාවහන් අතුරුදහන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ආරාධනා ගල නරඹා ආපසු පැමිණ බලන  විට කුටියේ තබා ගිය  පාවහන් අතරින් යුගල් හතරක් කිසියම් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි එම සංචාරයක යන් පවසා ඇත.

මේ සිද්ධිය පිළිබඳව මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියන් ගෙන් කළ විමසීමකදී කියා සිටියේ වර්තමානයේ රට මුහුණ දෙන ගැටළු පිළිබඳව හොඳාකාර දන්නා නමුත් ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගය මෙය බැවින් මීට වඩා ආරක්ෂක අංශ අවධානයෙන් සිටිය යුතු බව කියා සිටියේය.