(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටෙි වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා කීවෙි මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලංකාවෙි වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.