ආරක්ෂක ලොක්කාගේ පවුම් තුනට විදී


රත්මලාන කඳවල වෘත්තීය තාක්ෂණ  පුහුණු විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිගේ පවුම් තුනක මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි එහි ආරක්ෂක අංශයේ දෙදෙනක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දියණියට පරිගණකයක් මිලට ගැනීම සඳහා මෙම රන් බඩු උකස් කිරීමට ගෙනවුත් තිබියදී ඔහුගේ බෑගයෙන් සොරකම් කර ඇතැයි කියති.