හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායකගෙන් නිදහසට කරුණු දක්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති දන්වා ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනේ යැයිද රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද දොස්තර සේනාරත්න පවසයි.
රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ නමට නොව ආරක්ෂක අමාත්‍යංශයේ නමටවත් ගිණුමක් පවත්වා ගෙන මුදල් තැන්පත් කළ නොහැකි යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

