ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැහැ


(රන්ජන් කස්තුරි)
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැතැයි වාර්තා වේ.
 
ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආතනය වෙන්කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇතත්, මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයට හෝ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවරා දී නැත.
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනත් අමාත්‍යංශයන් යටතටද වෙන්කර දී නැත.