(ඉන්දිකා රාමනායක)
මිලි මීටර් 0.38 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සමග පාතාල සාමාජිකයකු අද(8) පෙරවරුවේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ප‍්‍රබල පාතාල සමාජිකයකුව සිට දැනට අතුරුදන්ව සිටින බ්ලූමැන්ඩල් සංජීව නැමැත්තාගේ ඥාතියෙක් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත ක්‍රියාත්මකවූ පොලිස් කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අසල පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේ දී තියුණු කඩු දෙකක් ද සොයාගෙන ඇත.

