රාජ්‍ය ව්‍යවසායන් පිළිබද පාර්ලිමේන්තු කමිටු වාර්තාව (කෝප්) එහි සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කරමින් කියා සිටියේ විදුලිබල මණ්ඩලය ,තෙල් සංස්ථාව එයාර් ලංකා හා මිහින් ලංකා සියයට අනු අටක් දක්වා පාඩු සිදු වන බවයි.
ඊට හේතු සාධක විවිධ බවත් ඒ ගැන තොරතුරු පසුව කියන බවත් ඇමැති කීවේය.
ලබන සැප්තැම්බරයේ සිට මාස තුනෙන් තුනට කෝප් වාර්තා ඉදිරිපත් කරන බවයි.
පිටු 320 කින් යුත් මෙම වාර්තාවෙන් අයතන 212 ලාභ අලාභ විස්තර දැක්වේ .ආයතන 72 අතුරින් 16 ක් පාඩු ලබන බවත් දිගින් දිගටම පාඩු ලබනුයේ ඉන් 14 ක් බවත් ගුණසේකර මහතා සදහන් කළේය.මෙම වාර්තාව ඡායා පිටපත් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මහතා කීවේය . වාර්තාව රජයේ මුද්‍රණාලය හරහා මුද්‍රණය කරන බව ඇමැති නිමල් සිරිපාද සිල්වා මහතා කීවේය.