ආයතන පහකින් වාර්තා කැඳවයි


ගම්පහ රතුපස්වල ළිංවතුරට අසළ කම්හලකින් සිදු වෙතියි කියන  ජල දුෂණය  සම්බන්ධයෙන්  පොලීසිය අද (01) ගම්පහ මහෙස්ත්‍රාත්  හමුවේ කරුණු දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියෙන්, රජයේ රස පරික්ෂකගෙන්,ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයෙන් ,ගම්පහ වෛද්‍ය අධිකාරිගෙන් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් කැඳැවන ලෙස පොලීසිය ඉල්ලා සිටියේය .

මහෙස්ත්‍රාත් ඊට ඉඩ දුන්නේය.

කම්හලේ අපද්‍රව්‍ය ළිං වලට එක්වීම පිළිබද පොලීසිය මහජනයාගේ පැමිණිළි පහක්ද ඉදිරිපත් කළේය.

කම්හල අවට රැස්ව සිටින ගම් වැසියන්  ඉවත් කරන ලෙස  කම්හල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් ඉල්ලා සිටි නමුත් මහෙස්ත්‍රාත් හේෂාන්ද මෙල් මහතා එය ප්‍රතික්ෂේප කළේය.

පොලීසියේ පරික්ෂකවරයකුට හෝ ඉහළ නිලධරයකුට  එවැනි ක්‍රියාවකට බලය ඇතැයි මහෙස්ත්‍රාත්  ප්‍රකාශ කළේය.

 කම්හල වසා දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි ගම් වැසියන් වෙන්වෙන් පෙනී සිටි නීතීඥවරයෙක් කරුණු ඉදිරිපත් කළේය.

මෙම පැමිණිල්ල වෙනත් කාරණයක් සම්බන්ධයෙන් බව කි මහෙස්ත්‍රාත්වරයා  ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුයේ ඔහුටද පැමිණිල්ලක් මගින් වෙනම නඩුවක් ගොනු කැර ඒ සදහා ඉදිරිපත් වීමටද හැකි බවයි.