ආමර් වීදියේ තිදෙනෙක්ම අභිරහස් ලෙස මරලා
කොළඹ ආමර්වීදියේ නිවසක මව පියා සහ පුතා මැරී සිටි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
පියාගේ සහ පුතාගේ සිරුරු ඇඳක් උඩද මවගේ සිරුර විදුලි පංකාවක එල්ලෙමින් ද තිබූ බව ඔහු කියයි. සෙනසුරාදා සවස සිට ඔවුන් ගැන තොරතුරක් නොවූ බව පොලිසියට පැමිණිලි කර ඇත. මෙය දිවි නසා ගැනීමක් දැයි සොයා බලන බවද පොලිසිය කියයි.

