(මොහොමඩ් බුහාර්දීන්)
කිකිලියන්ගේ බිත්තර විකුණා ලැබෙන සුළු අදායමින් අබාදිත පිරිසක් පෝෂණය කරමින් සිටි දුප්පත් පවුලක තිබු කුඩා පරිමාණයේ කිකිළි බිත්තර ගොවිපලක කිකිළියන් සොරකම් කොට උන් මරා මස්කර මදුවිත පානයට කටගැස්මට මස් යොදා ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
2 දා සවස මෙම සිද්දිය වූ නිවස පිටුපස පවත්වාගෙන යන කිකිළියන් විසිපහකින් යුත් කුඩා කිකිළි බිත්තර ගොවිපලක දොර කඩා ඇතුළු වී මෙහි සිටි බිත්තර දමන කිකිළියන් හත් දෙනෙකු මේ අසල කැලයකට රැගෙන ගොස් මරා මස්කර කිකිලියන්ගේ මස් මදුවිත සාදයක කටගැස්මට ගෙන ඇති බව මුලික පරීක්ෂණ වලදී පොලිසිය හෙළි කරගෙන ඇත.
පසුව එම ස්ථානය අසල ළදු කැලෑවක වළදමා තිබු මරා දමන ලද කිකිළියන්ගේ ශරීර කොටස් හා තටු සොයා ගැනීමට පොලිසිය සමත් විය.
සිද්දිය සම්බන්දයෙන් සැකපිට ප්‍රදේශයේම පදංචි 25 හා 27 වියේ පසුවන කුලී කම්කරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

