ආබාධයට ලක්වූ අජන්තගේ ස්ථානයට අකිල ?


සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර හෙට (22) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට නවක පිට දග පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු තරගයේදී ලකුණු 08 කට කඩුලූ 6 ක් දවාගත් ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවූ අජන්ත ආබාධයකට ලක්වීමෙන් හෙට තරගයට සහභාගි වීම සැක සහිත තත්ත්වයකට පත්ව තිබේ.