ආපදා උප ඇමැතිගෙ ආපදාව ඉවර නෑ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 169ක වේගයෙන් රිය පැදවා දඩ කොලය දුන් විට පොලිස් රාජකාරියට බාධා කළැයි දුලිප් විජේසේකර ආපදා කළමානාණාකරණ නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිටත් පාර්ලිමේන්තු කතානායකටත් යැවීමට නියමිතය. මේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කළ ගැලනිගම පිවිසුම් මුරපොළේ රථවාහන පොලීසිය එම වාර්තාව ඉදිරිපත් කිරීමට යයි. අධිවේගයෙන් රිය පැදවූ නිසා කොට්ටාවේ දඩ කොලය දීමට පෙර රියදුරු බලපත්‍රය පොලීසිය නොදෙන ලෙස විජේසේකර මහතා රියදුරාට කියා පොලීසිය දෙසට රුපියල් 1500ක් විසි කර ඇත. පොලීසිය යළිත් එම මුදල් ඇමති රිය ඇතුළට දමා ඇත.