ලබන වසරෙදී දරුවකු පාසලට ඇතුළු කරලීම සදහා මවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට කොට්ටාව ආනන්ද විදුහල්පති වේරැහැර හෝටලයකදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අද (05) අත්අඩංගුවට ගනු ලැබීය.
විදුහල්පති තමාගෙන් මෙවැනි ඉල්ලීමක් කළ බව දරුවාගේ මව අල්ලස් කොමිසමට දන්වා තිබිණි.ඇය හා විදුහල්පති හෝටල් කාමරයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.