ආනන්ද සරත් කුමාරට ඇප


නවගත්තේගම  පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය   දණ ගැස්වියැයි  සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර රුපියල් ලක්ෂ පහ බැගින් වු  ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08) ආණමඩුව අධිකරණයේදී නියෝග කළේය.

ඇප කරුවන් ආණමඩුව ආසනයේ පදිංචිකරුවන් විය යුතු බවත් සෑම දිනකම උදේ නවගත්තේගම පොලීසියේ පෙනී සිටිය යුතු බවත් මහෙස්ත්‍රාත් ඔහුට නියෝග කළේය.

ආනන්ද සරත් කුමාරට එරෙහිව නීතීපති විසින් පුත්තලම මහාධිකරණයේ නඩු පවරා ඇත. නඩුව ලබන 28 වැනිදාට කල් තැබීය.