ආධුනික චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි


ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ආධුනික වයස 10 න් පහළ හා 16 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් (සී කාණ්ඩයේ) චෙස් තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවේ. 2012 වසරේ ප‍්‍රථම වරට චෙස් ක‍්‍රීඩාවට පිවිසි පාසල්වලට පමණක් තරගාවලිය සඳහා අයැදුම් කළ හැකිය. එහෙත් මේ වසරේ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ වයස් කාණ්ඩ චෙස් තේරීම තරගාවලි වලදී ඒ හෝ බී යන කාණ්ඩවලට සුදුසුකම් ලද පාසල්වලට ද මෙම තරගාවලිය සඳහා සහභාගිවිය නොහැකිය. තරග අයැදුම්පත‍්‍ර හා වැඩි විස්තර ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් එම්. ජී. විමලවීර මහතා (0718061260)  ඇමතීමෙන් ලබාගත හැකිය.